ලැබ සිරි සරසවි සිරිකත ආසිරි
පෙම්බර විදුහල් මෑණි
රට දැය සමයෙහි දියුණුව සලසා
සැරදේ දිය දද නංවා....//
සිසු දරු දැරියන් සුමග යවා
විදු ආලෝකය දීලා
උදාර නිජබිම එකළු කරනු මැන
වීර පුතුන් බිහි කරලා
ලහුගල ගමයෙහි වැජඹෙන තුටිනි
පෙම්බර විදුහල් මෑණි
රට දැය සමයෙහි දියුණුව සලසා
සැරදේ දිය දද නංවා
සිප්සත විදුනැණ නැනත් ලබා දෙන
සිතුමිණ ඔබ අප රමණි
ගයනෙමු ඔබේ පායුග වැඳ ගීතා
බැතියෙනි ආදර පා.....
සිප්සත විදුනැණ නැනත් ලබා දෙන
සිතුමිණ ඔබ අප රමණි
ගයනෙමු ඔබේ පායුග වැඳ ගීතා
බැතියෙනි ආදර පා.....
සැරදේ....... සැරදේ........
සැරදේ දස දෙස කිතුගොස පතුරා
සැරදේ විදුහල් මාතා......//