නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අම්/ලාහුගල මහා විදුහල
ලාහුගල මහා විද්‍යාලයේ පානම්පත්තුවේ පර්ශද පාසලක් ලෙස යෙහෙන් වැජබී පවතී.දැනට ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උගතුන් බොහෝ ප්‍රමාණයක් බිහි කරමින් රට ජාතිය සංවර්ධනය සදහා උරදී කටයුතු කිරීමට සමස්ථ සමාජයම පෙලබීමක් ඇති කිරීමට අප පාසලට හැකි වී ඇත.
ජාතික උරුමයන් බොහෝමයකට මැදිව පානම්පත්තුවටම අවේණික වූ සංස්කෘතිය අංගයන් එක් කරමින් යහපත් ගුණ ධර්ම වලින් හෙබි ළමා පරපුරක් නිර්මාණය කිරීමට හැකි වීම.අප පාසල ලද භාග්‍යකි.ලෝකයා සමග අනාගතයේ ගනුදෙනු කිරීම සදහා තාක්ෂණය අවශ්‍යම අංගයක් බැවින් අප පාසල ද ක්‍රමයෙන් තාක්ෂණික භාවිතයට යොමුවෙමින් පවතී.එහි හොදම උදාහරණය මෙම වෙබ් අඩවියයි.මේ හරහා ජාත්‍යන්තරය සමග ප්‍රජාව,ආදි ශිෂ්‍යන් ආදිය එකතුවීම තුළින් පාසලේ ඉදිරි සංවර්දන කටයුතු සිදුවේ යයි බලාපොරොත්තු වෙමි.
දුවා දරුවන්ගේ ආකල්පමය සංවර්ධනය තුළින් මතු පරපුරට යහපත් රටක් උදාවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
නියෝජ්‍ය විදුහල්පති
අම්/ලාහුගල මහා විදුහල.